Followers

Thursday, 12 March 2020

 🔜🔯☣️සහෝදර  ප්‍රේමය✔️🔄
ep:15  😍😍😍😍😍😍😍😍

" නවත්තනවා ,චූටී .........පිස්සු හැදිලද.........ඇති ඔය කොට්ටේ ඉරෙයී.....😓😓..ඔහොම  කිව්වත් සකුනි නවත්තන පාටක් නෑ දැන්........
ඔහොම ඉදලා තරිදු එක පාරට සකුනිව අල්ලලා උස්සලා  ඇදට අතාරිනවා 😋😋.............

..............................................................

        තරිදුට සකුනිගේ හැසිරීම එන්න එන්නම නරක අතට හැරෙන නිසා මගාරින්න කියලා හිතලම සකුනිව ගනන් නොගෙන ඉන්නවා....................
   
            ඇද්ද මෝඩී.,,,,ඔහොම්ම ඉන්නවා 😂😂  තරිදු ,සකුනි නැගිටින්න ඉස්සෙල්ලා  දොරත් වහගෙන කුස්සියට දුවනවා.........

......අ...ම්....මේ.......මේ දොර අරින්න කියන්න.........අම්...මේ......අර මෝඩයා දොර වහලා ගියා.......සකුනි දොරට තඩි බබා ,කෑගහනවා..........

        " පුතේ දොර ඇරලා එන්න ", අම්මා තරිදු දිහා බලමින් කිව්වා........."නැංදේ මට බෑ සකූ අයෙම ගහයි මට"...........
       "නෑ පුතේ ඔයා යන්නකෝ බය නැතුව මං බලාගන්නම්........."නැංදා එහෙම කියපු නිසා තරිදු ගිහිම් දොර ඇරලා බිත්තියේ දකුනු පැත්තට වෙන්න හේත්තුවෙලා හිටියා...........

     "කෝ ඔය මෝඩයා , අද ගහනවා මම, කෝ අම්මේ........කෝ.....එහෙම කියාගෙන කුස්සිය පැත්තට යනවා කුකුල් කේන්තියෙන්" ...............................

       "ගහන්නේ එහෙම නෑ මගෙ කොල්ලට , දෙන්නේ මං චූටීට ඔන්න කිව්වේ නෑ කියන්න එපා"  අම්මා එහෙම කිව්වත් එක්කම තරිදු සකුනිගේ පිටිපස්සහට ගිහිම් "හූ හූ ඇද්ද මෝඩී" කියලා හයියෙන් කියලා නැංදා ලගට ගියා......

           "ඔව් අම්මටත් ඔය මෝඩයා   තමා ලොකු 😑😑.මං නේ මේ ගෙදර පිට එකා...,"සකුනි එහෙම කියනවත් එක්කම   , තරිදුගේ මූන ගොඩක් අප්සට් ගැහැවා.......

        "අනේ පුතේ ඔයා ඔව්වා ගනන් ගන්ඩ එපා , ඔය බොරුවටනේ කෑගහන්නේ ......"අම්මා එහෙම තරිදුගේ හිත හැදන්න කිව්වත්  තරිදු ගොඩක් දුකිම් හිටියේ ,වෙන මොනවත් නිසා නෙවේ මෙච්චර කල් එකට ඉදලා එහෙම දෙයක් කිව්වම හිත කඩාගෙන වැටිලා වගේ,........

 ......."තරිදුවා ඔය චූටී කියන ඒවා ගනන් ගන්න එපා"......සුපුනුත් තරිදුගේ අප්සට් මූඩ් එක දැකලා එහෙම කිව්වා........

      තරිදු එදා රෑ එච්චර හොදට කෑවේත් නෑ......පොරට ගොඩක් ම අවුල්......සකුනි පිට කෙනෙක්ට වගේ කතාකරපු එක තාමත් තරිදුගේ කන් වල ඇහෙනවා........ කෑම කන එකත් නවත්තලා බාගෙට............අතත් හෝදන් ඔක්කොටම gn ,කියලා නිදාගන්න යනවා..........

          දැං අම්මටත් ගොඩක් හිතට අමාරුයි , මේ කොල්ලා කෑවෙත් නෑ හරියට.................එහෙම හිතලා චූටී දිහා රවලා අම්මත් කුස්සියට ගියා අතහෝදගෙනම..........

        ඔහොම ඉදලා සුපුනුත් ......." තරිදු අයේ මෙහේ ආවේ නැත්තම් තමුසෙව අල්ලගන්නම් මං එතකම් ඉන්නවා කියලා ඔලුවට එකක් ගහලා සුපුන් කාමරේට ගියා....

   සුපුන් කාමරේට යද්දි තරිදු හොදටම නිදි......සුපුනුත් ටික්කිම් නිදාගන්නවා........

...........................පසුදා උදෑසන.............

           තරිදු කලිම්ම නැගිටලා කාටත් කියන් නැතුවම මේසේ උඩ ලියුමකුත් තියලා සුපුන්ලගේ  ගෙදරින් යනවා........

            සුපුන් උදේ නැගිටලා ......තරිදු පේන්න නෑ....බලනකොට ඇදේ සීට් එකත් හොදට නමලා....කාමරෙත් අස්කරලා .......කාමරේ  බලද්දි තරිදුගේ මොකුත් නෑ.......සුවර් එකටම තරිදු ගෙදර ගිහිම් එන්න යන්න  ඇත කියලා හිතනවා............

        මොකද තරිදු කලිම් නැගිටලා එකදවසකුත් එහෙම ගිහිම් තිබ්බා......ඒ හිංදා සුපුන් වැඩිය ගනන් ගත්තේ නෑ...........

    පස්සේ නැගිටලා බලන කොට තමා දැක්කේ , මේසේ උඩ ලියුමක් තියෙනවා....සුපුන් ඒක අතට අරන් කියේව්වා.......

    Supun.........

         මං මෙහෙම කියන්නේවත් නැතුව ගියාට මට සමාවෙයන්.......මචං මං අපේ අම්මටත් කියපම් බයවෙන්න එපා කියලා.....රිසාල්ට් එනකම් මං යනවා ගම්පහ පුංචිලගේ ගෙදර ......මං උබලගේ ගෙදර පුංචි කාලේ ඉදන් හිටියා අපේ ගෙදර හිටියෙම නෑ.......ඒත් සකුනි මට ඊයේ අර විදිහට කතාකරපුවම මචං මං ගොඩක් දුක් උනා........මං හිතේ කහටක් නැතුව උබලගේ ගෙදර හිටියා....මේක කියවලා උබ ගිහිම් සකුනිට ගහන්ඩ එහෙම එපා...රමනි නැන්දටත් කියන්න ගොඩක් ආදරෙයි කිව්වා කියලා.....

                          මං මෙහෙම ගියේ එක පාරටම ඇයි කියලා හිතනවනම්
ඒකට හේතුව තමා...,  නංගි මට ගොඩක් ආදරේ කරනවා....මං ඒක දන්නවා......මගේ නංගිට වගේ මං සැලකුවා....ඒත් නංගිගැන උබලගේ අම්මා හීන ගොඩක් තියන් ඉන්නේ හොද කසාදයක් කරලා දෙන්න....අනික එහා ගෙදර ඇන්ටිට එක දවසක් කියනවා මට ඇහුනා  ,, අපේ එකී තරිදු පුතා වටේ කැරකෙනවා වැඩී  හොදටම වැඩී දැං ....අනික මං කැමති නෑ කෙල්ලව  හැමවෙලේම තරහ ගන්න , මරාගන්න කොල්ලෙක්ට මගේ කෙල්ලව දෙන්න....කොල්ලට මොනා හරි උනොත් මගේ කෙල්ල තනි වෙනවා......

             ඒකයි , මං කියන්නේම නැතුව ආවේ, මට ඊයේ  සකුනි කියපු දේවලුත් එක්ක මට තවත් ඉන්න හිත දුන් නෑ.....ඊයේ රෑම එන්න හිතුවත් එහෙම ආවේ නෑ....ඒකයි උදේම ආවේ.......

         මචං මට චූටිත් එක්ක තරහක් නෑ කියන්න........මගේ අතින් වරදක් උනානම් සමාවෙන්න කියන්න............

         අපේ අම්මව ටිකක් බලපම් පුලුවම් වෙලාවට ගෙදර ගිහිම් මං පුලුවම් වෙලාවට කෝල් එකක් ගන්නම් කියපන් , බයවෙන්න එපා කියපම් අනික උබ හොදට ගෙදර අය බලා ගනිම් ආ..... මතක් කරලා ලියුම පුච්චපම්.........

පරිස්සමෙන් හිටපම්

  .......Tharindu.......

      සුපුන් ඇස් 2කේ  කදුලු පුරෝගෙන කුස්සියට ගියේ අම්මට ලියුම පෙන්නන්න........

   යනකොට ....සකුනි කුස්සියට වෙලා ඉදන් ඉන්නවා.......

     "චටා.......ස්" සුපුන් ගියපු ගමන් සකුනිට කනට එකක් ගැහැවා...........

"ආ......යි......අ....ම්...මේ.......කියාන අඩාගෙනම....😭😭😭අම්මා ලගට දිව්වා.........

"මොකද උබට වෙලා තියෙන්නේ .....මේකිට ගහන්නේ කවදාවත් නැතුව"......අම්මා සුපුන්ට බැන්නා.......

          "ගහලා මදි මේකිට......මේකි නිසා තරිදු ගෙදරිනුත් ගිහිම්......"මෙහෙම කියලා සුපුන් පුටුවේ ඉදගත්තා පිස්සුවෙන් වගේ.........

.      "මොනවා...මොකක් කියන්නේ"..අම්මා පුදුමයෙන් මෙන් සුපුන් දිහා බලන් ඇහුවා.....

       මෙන් කියවලා බලන්ඩ.......😑😑😖
මගේ යාලුවට මොකුත් වෙලා තිබ්බොත් අයේ මං ගෙදර ඉන්නෙත් නෑ.......මෙහේම කියලා නැගිටලා  සුපුන් කාමරේට ගිහිම් දොර වහගත්තේ.....ගොඩක් කේන්තියෙන්..........

🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
.................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
                ✔ like කරන්ඩ
                ️✔️ Comment කරන්ඩ
                ✔️ share  කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1  විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම  කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
         👔🎓  ✌️💪 👉     සුදේශ් මදුවන්‍ත
                     


                         

No comments:

Post a Comment