Followers

Tuesday, 3 March 2020

......♠♣..💔✔ විසේකාරී ✔💔.......♦♥.........


 ......♠♣..💔✔ විසේකාරී ✔💔.......♦♥......…


කෙටිකතාවකි........
ස්කෝලේ ගියපු කාලේ අපි හැමෝම ආසකරපු මැඩම්ලා සර්ලා හිටියා...
මේ කතාව ලියන්නෙත් එහෙම මැඩම් කෙනෙක්ට.......

"වැඩිමල් ඔබේ හිතට අපි ලංවෙලා..... පනටත් වඩා ඔබට ආදරේ කලා.....
එය නොසල  කා  ඔබ අද අපීව පෝලිමට දනගැස්සුවා.....
ගිය තැන හොදින් ඉන්නට කියා අපි ඔබට සුබ පතනවා....//
හෝ ඕ ඔ ,....ආ ආ ආ ආ.....හේ එ එ ආ ආආ.....ආ ආ...
අපේ වයස් පරතරය කිසිදා ,නෑ ඕනේ අප වෙතට කියලා
අපේ අතට ඔය ලීය තියලා..4ක් 5ක් අපිට ගැහුවා.....
වරද අපි පිට තියා...අපේ පෙමට දෙපයින් ගසා...
ඔබ ගියා එයි කියාලා   ප්‍රින්සිපල් තව ටික්කින් එදා.....
ගිය තැන හොදින් ඉන්න කියලා අපි ඔබට සුබ පතනවා......//
එය අතැර දා ඔබ අද අපී පෝලිමට දනගැස්සුවා.....
හෝ ඕ ඔ ,....ආ ආ ආ ආ.....හේ එ එ ආ ආආ.....ආ ආ...
                                දින මාසයක් ගියත් ගෙවිලා ...
මගතොටක  හරි ඔබව දැකලා ..
දුක තුනී කර ගන්න හැමදා....
රත්තරනේ අපි ඔබට  වැන්දා...
එලබෙනා මාසයේ වෙන කාගෙවත් වෙන්නෙ  එපා.....
අපිට ඔබේ දෑත ඕනේ ...ගුටි කනු උනත් අපි   මෙදා....
                     ගිය තැන හොදින් ඉන්නට කියා ...අපි ඔබට සුබ පතනවා....//
වැඩිමල් ඔබේ හිතට අපි ලංවෙලා..... පනටත් වඩා ඔබට ආදරේ කලා.....
එය  නොසලකා ඔබ අද අපීව  පෝලිමට දන ගැස්සුවා........
ගිය තැන හොදින් ඉන්නට කියා අපි ඔබට සුබ පතනවා....//" ....
 ඒ නවත්තපං &@ත්තෝ ඕක...අන්න පිනා එනවා කෝට්ටකුත් උස්සන්  කිව්වා තොපිට සිංදු කියන්න එපා කියලා ඇහුවදා , අදත් ඉදගන්ඩ බැරි වෙන්ඩම කන්ඩ වෙනවා පෝලිමට ඈ.......
පොතක් ගනිම් දැංවත් ,, හරිනේ විසේකාරී ඔය කොරව්වේ අපිට .......කරන්ඩ දෙයක් නෑ මචන්ලා ඒ මැඩම් ගහන්නේ කියලා හිතාගනිම් ....ඈ ඔක්කොමලා......
ප්‍රින්සිපල් සර් , මැඩම් එක්ක එනවා පන්තියට..........

" කව්ද ,මැඩම් මට පෙන්නන්ඩ ඔය පන්තියේ  සිංදු කියපු මී හරක් ටික..... අද දෙනවා අයේ සිංදු කියන්ඩ හිතන්නෙවත් නැති වෙන්න.......
..........මැඩම්ටත් ඉතිම්  දැං කට්ටියගේ මූනූ දැකලා දුකයි.....ඇයි ඉතිම් දැං මරන්ඩ ගෙනියන හරක් වගේ බලාගෙන නේ ඉන්නේ......
"අයේ මං කියන්නෑ වරෙව් සිංදු කියපු ඔක්කොම නැගිටලා... තව වෙලා ගියොත් පංතියටම ගහනවා...."
( අහලා තියෙනවද ඒ සුන්දර වචන ටික , ආයෙත් ඒ කාලෙට යන්ඩ තිබ්බනම්...අයෙම ඒ ආතල් එක ගන්ඩ..)
                   " හරි එහෙනම් උබලා කියන් නෑනේ....දැං නැගිටලා ගිහිම් ඉන්න තැං වල වාඩි වෙන්වකෝ මං හොයාගන්නම්..." ප්‍රින්සිපල් සෑර් දනගස්සලා හිටපු කොල්ලෝ ඔක්කොම පන්තියට යැව්වේ ඉන්න තැංවල වාඩිවෙන්න කියලා....ඔහොම ඉතිං අපි ගිහිම් වාඩි උනාට පස්සෙ....
" ආ    ඩෑල් එක උබ තමා එතකොට වාදකයා නේද ..... මෙහාට වර තෝ මං හමගහනවා අද"😈 .... ඩෙස් එක උඩ තිබ්බ කවකටු පෙට්ටිය දැකලා ප්‍රින්සිපල් සර් මාව නැගිට්ටපුවම ගැම්මට නැගිටලා ගියේ පංතියේ කෙල්ලෝ ඉස්සරහ චාටර් වෙන්න බැරි තැන........
                      " උබට විතරක් තනියෙම සිංදු කියන්ඩ බැනේ...කෝ උබේ වාද්ය බෘංගය......" එහෙම අහලා මගේ අතෙන් අල්ලන් පස්ස හමගහද්දි දැනුනේ කියාගන්ඩ බැරි මෙව්වා එකක්.....ඒ මෙව්වා එක ගුටි කාපූ හැමෝම ලග තිබ්බා......මට ගහන හැටි දැකලා අනික් උනුත් ආවා පෝලිමේ ගුටි කන්න......මට ගහද්දි මං  මැඩම් දිහා බලාගෙන හිටියා......මැඩම් ගේ මූන දෙලේ වෙලා........නිකම් අපරාදේ ප්‍රින්සිපල් සර් ව එක්කන් ආවේ වගේ දුකකින් මැඩම් හිටියේ......😥😯
                   කොහොමින් කොහොම හරි ...ගොඩ දෙනෙක් ගුටි කද්දි කොල්ලො 2,3 වගේ ඉදගෙන ඉන්නවා....." උබලා සිංදු කිව්වේ නැද්ද" කියලා පිනා ඔවුන්ගෙන් අහනකොටම අපේ එකෙක් මැද්දට පැනලා
                                                          " කිව්වා සර් , උනුත් කිව්වා   ඔය බොරුවට ඉදන් ඉන්නේ"....පව් ඉතිම්  සිංදු කියන්ඩ එන්නැතුව පොතේම ඇලිලා ගැලිලා හිටපු පොත් ගුල්ලොත් හිටියනේ  හැම පංතියකම......එවුන් ටිකත් ගුටි කෑවේ ගුටිකනවනම් පංතියම කන්ඩ ඕනී කියන පදනම උඩ........................😂😂
                          ඔහොම ඉතිම් ඔය සීන් එකත් ඉවර වෙලා , පිනා යනවත් එක්කම මැඩම්.....
                                      "දැං හරිනේ ....ඉදගන්ඩවත් බැරුව ඇති දැං ඒ ගහපු ගැහිල්ලට...." එහෙම කියනවත් එක්කම අපෙ උන්
......................" ඕවත් ගුටිද මැඩම් ,අපි ඔයිට වඩා කාලා තියෙනවා...."
" අනේ අම්මාපල්ලා...මුන්ට නම් කිසි ලැජ්ජාවක් නෑ   ගුටි කාලා තවත් කියවනවා.....මට හම්බෙච්ච ජරාම පන්තිය මේක.....මං අනික් හැම පන්තියකටම උගන්නලා තියෙනවා....මේ වගේ පන්තියක් හම්බෙලා නෑ ,මං යනවා යන්ඩ හුම්ම්....." ඔහොම කියලා විසේකාරී ගස්සගෙන යන්න යන්න යනවා.....
( විසේකාරී තමා මැඩම් ගේ කාඩ් එක )
                 ලොකු ඇගක් නොතිබ්බට  , ඇග පසග ගානට...වැඩිත් නෑ අඩුත් නෑ....සුදුම සුදු මූන....දැක්කම ආයේ හැරිලා බලන්ඩ හිතෙනවා....ඒ හිංදම තමයි මැඩම්ට කාඩ් එක විසේ කාරී කියලා වැටෙන්නේ.......
                              අපි ස්කෝලෙදි විසේකාරිව අතන මෙතනදි දැකලා තිබ්බට කතාකරන්ඩ හම්බෙලා නෑ.....
ඔහොම ඉද්දි තමා දවසක්  දවසක් අපේ පංතියට එන්නේ relif  එක්කට.....
"ළමයෝ මේකද 12-G පංතිය...." දැකලා තිබ්බට කතා කරන්ඩ හම්බෙලා නෑ කියලා කලිම් කිව්වනේ....ඒ නිසා ඔන්න චාන්ස් එක දැං ඉතිම් පංතියේ ඉන්නේ මායි මගේ යාලුවයි විතරයි....වෙන කව්රුත් ඇවිත්නෑ......
" ඔව් මැඩම් මේ තමයි 12-G.."යාලුවා එහෙම කියලා අපි පංතියට ගිහිම් ආයුබෝවන් කියලා වාඩි උනා......මැඩම් ෂර්ලක් හෝම්ස් පොතක් උස්සන් ඇවිත් කියවනවා.......
ඔය දෙන්නා තියෙන වැඩක් කර ගන්ඩ කියලා මැඩම් පොත කියවනවා...
ඔහොම් ඉද්දි  එක පාරට චටස් ගාලා සද්දයක් එන්නේ...බලද්දි යාලුවගේ 4n  එක බිම........මැඩම් දැක්කා ඒක..
යාලුවයි මායි මුනෙන් මුන බලාගත්තේ 4n  එකට බුදු සරනයි කියලා හිතාගෙන......
" මොකද ඔය ස්කෝලෙට 4n එක අරං ආවේ..."මැඩම් යාලුවා දිහා බලන් ඇහුවා....
                    "අද නුවර පංති මැඩම් ඒකයි අරන් ආවේ...."මු එහෙම කිව්වම මැඩම්........
"ඒකත් එහෙමද එතකොට , හරි එහෙනම් ,ඕෆ් කරලා තියාගන්ඩ එලියට ගන්නැතුව.."එහෙම   කිව්වම අපි  දෙන්නට පිස්සු වගේ.....
                 ඇයි අඩේ වෙන මැඩම් ලා සර් ලා නැට්ට පාගන් දගලන විදිහ බලන්ඩ ඕනී...ඔෆිස් එකට එක්කන් ගිහිම්  , සිම් ගලවලා, ෆුල් බොඩි චෙකප් එකක් දාලා අම්මටත් එන්න කියලා අම්මගේ අතටනේ දෙන්නේ ඒකයි ............රීපට් චරිතනේ ඉන්නේ 💔....
                                     විසේකාරි ගැන පැහැදුන මුල්ම අවස්තාව ඒක......
අයේ ඔහොම සීන් එකක් ගියේ 12 දෙවෙනි වාර විභාගෙ තිබ්බ දවසක ....
පේපරේ බෙදලා ටික වෙලාවකිම් විස්සේකාරි එනවා පොත් ටික්කුත් උස්සන් රෝස පාට සාරියක් ඇදගෙන විභාග ශාලාවට......ටික වෙලාවකිම් පේපරේ ලියන්ඩ ගත්තම ..විසේකාරී
ශාලාව  පුරා ඔබ මොබ හැසිරෙනවා....
                දැං පේපරයක් ලියනවා නේද කියලවත් ගානක් නෑ...සේප් එකේ ඔක්කොමලා මැඩම් දිහා බලන් ඉන්නවා......ලගට එද්දි පේපරේ ලියනවා ටිකක් දුරට යද්දි අයෙම විසේකාරිගේ රූප සොබාව දිහා බලන් ඉන්නවා.....ඔය අතරේ  සමහර උන් දන්නැ වගේ ගිහිම් ප්‍රශ්න අහනවා..........පේපරේ එකතු කරන්ඩ එද්දි තමා මතක් වෙන්නේ ප්‍රශ්න 2 තව කරන්ඩ තියෙනවා නේද කියලා............
ඔන්න ඔහොම උන සිද්දිත් ඇති වෙන්න තියෙනවා.......
තව එක දවසක් ස්කෝලේ තිබ්බ උත්සවේකදි  විසේකාරිගේ 4to ගහගත්තේ අයේ ඔහොම චාන්ස් එක එන්න බැරි නිසාවෙන්......
                     පස්සේ ඉතිම් කොල්ලෝ මැඩම් මතක් වෙන්න කියලා ස්ටිකරුත් හදලා  ඒවා වස්සැප් වල ශෙයා කරනවා........
                          කොල්ලොන්ට ඉතිම් තවත් මොනාද ඒ තරම් ලස්සන මැඩම් කෙනෙක්...😇😇
තව දවසක ස්කෝලේ ඇරිලා ගෙට්ටුව ලගින් එන්ඩ යද්දි විසේකාරිව දැකලා වදින්ඩ කියලා ගියපු අවස්තාත් නැතුවම නෙවේ...ඔහොම ඉද්දි තමා ගේට්ටුව අසලට ආපු luxery vehicle එක්කට මැඩම් නගින්නේ......බලද්දි මැඩම් බැදලා....💔
                                     මැඩම්ටනං එච්චර වයසක් නෑ හැබැයි මනුස්සයා නාකි ඩෑල් එකක් ...සල්ලි හිංද්ද කොහෙද බැදලා තියෙන්නේ ....අපේ උන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ විසේකාරිට මේ නාකියා ඇරෙන්ඩ කව්රුත්ම හිටියේ නැද්ද කියන එකයි....

..........අමතක නොවෙන මතකයන් පාරයි සිතපුරා.......නිමි.💔

මේ කෙටිකතාව  ලිව්වෙත්   යාලුවෙක්ගේ ඉල්ලිමකට....
.☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
         👔🎓  ✌️💪 👉     සුදේශ් මදුවන්‍ත