Followers

Saturday, 7 March 2020

🔜🔯☣️සහෝදර  ප්‍රේමය✔️🔄
Ep: 12     😍😍😍😍😍😍😍

කිසිම උත්තරයක් නෑ ,කිචිත් කවනවා .........ඒත් උත්තරයක් නෑ......දැං සකුනිට බයත් හිතෙනවා..........ඇයි කිසිම පිලිතුරක් නෑනේ දක්වන්නේ ඒ හිංදා............

සකුනි බය වෙලා...." සුදු අයියේ.....සුදු අයියේ කියලා තට්ටු කරලා බලනවා......ඒත් කිසිම පිලිතුරක් නැ......"

               " අ.......ම්........මේ .............."


               " අ.......යි.........යේ............."

  " එන්නකෝ ...........තරිදු අයියා කතා කරන් නෑ.....අ...ම්.....මේ................"

"මොක්ද පුතේ."........."ඇයි මොකද උනේ නංගී.............."
                      අම්මයි ,අයියයි දෙන්නම දුවගෙන ආවා කාමරේට.............

අම්මේ තරිදු අයියට සිහිය නෑ......අපි මොකද  කරන්නේ දැං...අනේ අම්මේ........  ඈ   ...හෑ ......හෑ......😫😫සකුනි අම්මව අල්ලන් අඩනවා දැං😫

පුතේ ඉක්මනට ඩොක්ටව එක්කන් එන්න....දැං ඉස්පිරිතාලේ යන්ඩ වෙලාවක් නෑ.....තරිදු පුතාට මොකුත් වෙන්නෑ.....ඉක්මනට යන්න...පුතේ.....

           සුපුන් ඉක්මනට ගියා ඩොක්ටව එක්කන් එන්න.....ඩොක්ට ඇවිත්  බැලුවා තරිදුට මොකද උනේ කියලා එකපාරටම.......

               " බයවෙන්න දෙයක් නෑ ......කොල්ලගේ ප්‍රෙෂර් එක අඩුවෙලා.....දැං එයාට සනීපයි.....එයාට
මහන්සිවෙන්න දෙන්න එපා.....මං සේලයින් එක්කුත් දුන්නා..........එහෙනම් මං මේ දෙන බෙහෙත් ටිකත්  එයාට දෙන්න. ....මං ගිහිම් එන්නම්  අයේ ඕනී උනොත් මට කතාකරන්ඩ...." එහෙම කියලා ඩොක්ට යන්න යනවා

    "පුතේ ගිහිම් ඩොක්ටව ඇරලලා එන්න පරිස්සමට" අම්මා එහෙම කියනවත් එක්කම සුපුන් බයික් එකේ ඩොක්ටව ගිහිම් දාන්න ගියා.......

           "හම්මේ ඇති යන්තම් ,දැං තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ....."මෙහෙම කියලා ඔක්කොමලා ගියේ තරිදු ලගට......
 
                 "බයවෙන්න එපා දැං මට හොදයි ..... " තරිදු ඔක්කොමලා දිහා බලන් කිව්වේ තව දුරටත් ඔවුන් බයවෙන එක වලක්වන්න....කියලා හිතාගෙන....

                      ඔහොම දවස් ගෙවිලා ගිහිම් පංතියේ විභාගේ එනවා.......

      මේ වෙද්දි නම් තරිදුට හොදටම හොදයි......දෙන්නා සර් කියපු  විදිහටම  අම්මලවත් එක්කන් යනවා.....

සර්   කොල්ලෝ දෙන්නා ඉන්න තැනම අම්ම්ලා  දෙන්නට බනිනවා ...

          මෙහෙමද ඕගොල්ලෝ තමංගේ දරුවෝ බලාගන්නේ...මෙයාලා හොදට මරාගන්නවා කට්ටියක් එක්ක එකදවසක් .....මං අවවාද කරලා යැව්වා එදා......අනික තව ටික දවසකිම් A/L   සෙල්ලම් කරන්ඩ කාලයක් තියෙනවද?..........
                 
                             අයේ එහෙම එහෙම රන්ඩු ඇති කරගන්නෑ කියලා අම්මලාගෙ ඔලුවේ අත තියලා දිව්රලා ගිහිම් විභාගෙට ඕනීනම්  ලියන්ඩ පුලුවම් , නැත්තම් දෙන්නටම ගෙදර යන්න පුලුවම්......

                 මෙච්චර දවස් පාඩම් කරේ මේ පංතියේ විභාගෙටනේ   ,ඒ හිංදා දෙන්නගෙන් කව්රුත් කැමති උනේ නෑ , ගෙදර යන්න...දෙන්නම අම්මලා 2න්නගෙ ඔලුවේ අත තියලා දිව්රලා අයෙ මෙහෙම රන්ඩු ඇති කර ගන්නෑ කියලා ... ගියා පන්තියට ...................


        ඒ යනකොට අනික් ඔක්කොම විභාගේ ලියන්ඩ ඩෙස් එකක් ඇර ඩෙස් එකක් වාඩි කරවලා ඉන්නවා.......තරිදුයි ,සුපුනුයි දෙන්නමත් ගිහිම් තැන් දෙකක ඉදගන්නවා......

✍✍✍✍✍✍✍✍✍✍✍✍✍✍✍✍✍

                   දෙන්නා දැං කොල ඉල්ල ඉල්ල  ලියනවා....දෙන්නා ක්ලාස් ගියේ A/L maths clz එක්කට...දෙන්නම විභාගේ ඉවර වෙලා සර්ටත් කතා කරනවා ගිහිම්........

             " සර් කියපු තරම් විභාගේ අමාරු නෑනේ  , A/L පේපරෙත් ඔහොමද එන්නේ එහෙම ආවොත් නම් අයිලන්ඩ් රෑන්ක් එකක් දානවා......සුවර් ." තරිදු සර්ගේ මූන දිහා බලමින් එසේ කියලා සර්ටත් වැදලා යන්න යනවා.....

 "අපි බලමුකෝ ඔය කිව්වට , දෙන්නගේ කටවල් වගේම වැඩත් තියෙනවද කියලා...." සර්රුත් එහෙම කියලා එතනින් යන්න යනවා......

                අනික් දවසේ clz එක කරලා ඉවර වෙන මොහොතේ කලිං දවසේ දුන්නු පේපරේ ලකුනු දැං කියන්ඩ යන්නේ....ඒ වගේම මේ තමා A/L වලට කලිම් තිබ්බ final exam එක...

            ඔක්කොම දැං කිසි සද්දයක් නැතුව ඔක්කොම ඉන්නවා....

 "මේ පංතියේ අන්තිම විභාගෙට වැඩිම ලකුනු අරං තියෙන්නේ කව්ද කියලා කාටද කියන්න පුලුවම්."...........සර් එහෙම ඇහුවත් කව්රුත් පිලිතුරක් දුන්නෑ......
         
              ඒත් එක්කම සුපුන් කියනවා ,
"මේ පාරත් ඉතිම් රවිහංසිම වෙන්න ඇති කියලා......"

          "හැම පාරම වැඩිපුර ලකුනු ගන්නේ රවිහංසි .......  ඒත් මේ පාර රවිහංසිට වඩා ගොඩක් වැඩි ලකුනු ප්‍රමාණයක් අරං පංතියේ වැඩිම ලකුණු තියෙන්නෙ වෙන කෙනෙක්..." එහෙම කියනවත් එක්කම රවිහංසිගේ මූන දෙලේ උනේ ළමයි ඔක්කොම එයා දිහා බලන් ඉද්දිම....

......"හැමෝම අත්පුඩි ගහලා එයාට සහොයෝගයක් දෙන්න ළමයි..එහෙම කියනවත් එක්කම ළමයි හෝගාලා අත්පුඩි ගහනවා.......
                 
          ..ඒ තමයි ....තරිදු  මල්ෂාන් "....
" එන්න පුතේ වේදිකාවට උඩට ......"සර් එහෙම එන්න කියනවත් එක්කම තරිදු නැගිටලා වේදිකාවට උඩට ගියා....

"දෙවෙනියට වැඩිම ලකුණු තියෙන්නේ
......සුපුන් චතුරංගට....ඔහුටත් වේදිකාවට  උඩට එන්න  කියලා ආරාධනා කරනවා.....ඊට පස්සේ තුන්වෙනියට වැඩිම ලකුණු  රවිහංසිට.......ඔයත් එන්න දුව....."

"ඇත්තටම මට පුදුම සන්තෝසයක් තියෙන්නේ ළමයි ඕගොල්ලො ගැන....... මේ දෙන්නා පංතියේ වැඩ කරේම නැති ළමයි දෙන්නෙක්....
අපි ඒ දෙන්නගෙනම අහමු කොහොමද මෙහෙම එක පාරට නියම ට්‍රැක් එකට වැටුනේ කියලා......"සර් මයික් එක දෙනවා තරිදු අතරට

             " ඇත්තටම එහෙම විශේෂ මොකුත් නෑ......මායි සුපුනුයි එකතු වෙලා තමා
පාඩම් කරේ , ඒකයි අපි දෙන්නටම මෙච්චර ලකුනු ගන්ඩ පුලුවම් උනේ කියලා මං හිතනවා......  , අනික තව දෙයක්...
                   එක දවසක් සර්ම අපිට කිව්වා ඔහොම ඉදලා කැම්පස් යන්ඩ පුලුවම්ද කියලා .....ඒකට අපි දෙන්නට හොදටම තරහා ගියා....ඒ හිංදා තමා අපි මෙච්චර පාඩම් කරේ...ඒ වචන ටිකට පිං සිද්දවෙන්න තමා අපි මෙච්චර motivate උනේ..... ගොඩක් ස්තූතී සර් අපිව දිරි ගැන්නුවට......එච්චරයි කියන්ඩ තියෙන්නේ   , ඕගොල්ලොන්ට හොදට  විභාගේ පාස් වෙන්න පුලුවම් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...." එහෙම කියලා සර් අතට මයික් එක දෙනවා ගිහිම්.....
             
                තුන්දෙනාටම තෑගි වගයකුත් දීලා පංතිය ඉවර කලේ ....ඔක්කොටම විභාගේ පාස් වෙන්න කියලා සුබ පතමින්........

                 දෙන්නා ගෙදර එන්ඩ බයික් එකට නැගලා එනගමන් ලොකු කතාවක් දාගෙන ඉන්නේ.......  අපි කිව්ව විදිහටම සෑර් කාරයට හික් ගෑවෙන්ඩම වැඩේ දුන්නා ඔඉ......තරිදු සුපුනව බදාගනිමින් සතුට ප්‍රකාශකලේ.......සුපුනටත් ඒ වගේම සතුටුයි.....

                 දෙන්නා ගෙදර ඇව්ත්    ගෙදර අයටත් වෙච්චි සිදුවීම කියනවා.....ඒ ගොල්ලන්ටත් ගොඩක් සතුටුයි......
"ඔය විදිහටම තියෙන්නේ තව A/L ලුත් ගොඩ දාගන්ඩ......" අම්මලා එහෙම කියනවා කොල්ලො දෙන්නටම  ....

ඔහොම කස්ටිය කතා කර කර ඉද්දි තරිදු එලියට ගිහිම් ටිකක් හුලං වදින්න කියලා එලියෙ පුටුවක වාඩිවෙලා ඉන්නවා......

එතකොටම චූටී කොහෙදෝ ඉදන් ඇවිත් තරිදුගේ ඔඩෙක්කට පනිනවා......" චූටී , ඌයි මගේ කකුල් 2...ඔහොම පනිනවද  මං අහන්නේ....."

          "සුදු මහත්තය පංතියේ වැඩිම ලකුනු ගත්තනේ , ඉතිම් මාත් තෑග්ගක් දීලා යන්න ආවේ....." සකුනි තරිදු දිහා බලන් ඔහොම කියනවා.......

        " තෑග්ගක් , කෝ මට පේන් නෑනේ.." තරිදු චූටිගේ අත් දිහාබලමින් එහෙම  කියනවා.....

         "කෝ කෝ ඇස් වහගන්නකෝ මං තෑග්ග දෙන්න , කෝ ඉතිම් ඇස් වහගන්න , "  මෙහෙම කියලා තරිදු ඇස් දෙක වහගන්නවත් එක්කම
 තරිදුගේ මූනට වැටිලා kiss එකක් දෙන්නේ තරිදුගේ මූන රතු වෙද්දි......ඊට පස්සේ  සකුනි දුවලා යනවා ගේ ඇතුලට

                 "ඒයි ,චූටි ඉන්නවා   හොර ගෙඩියා...මං අල්ලගන්නම්කෝ ආ...ඉන්නවා......තරිදුත් ගේ ඇතුලට ගියේ සකුනිව අල්ල ගන්න කියලා හිතාගෙන.....

           "හා හා ඇති දරුවෝ ඔය පොඩි අය වගේ සෙල්ලම් කරන එක නවත්තන්ඩ, දැං ලොකු ළමයි නේද ආ"  අම්මා එහෙම කියනවත් එක්කම සකුනි සාලේ තිබ්බ සෝෆාවේ වාඩී උනේ තරිදුට විරිත්තමින්......

.............................................................

🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
.................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
                ✔ like කරන්ඩ
                ️✔️ Comment කරන්ඩ
                ✔️ share  කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1  විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම  කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
         👔🎓  ✌️💪 👉     සුදේශ් මදුවන්‍ත