Followers

Wednesday, 4 March 2020

🔜🔯☣️සහෝදර ප්‍රේමය✔️🔄5

🔜🔯☣️සහෝදර  ප්‍රේමය✔️🔄
Ep:5          😍😍😍😍😍😍😍

හතරවෙනි කොටස කියවපු නැති කෙනෙක් පහල link එකෙන් ගිහිම් කියවන්න..⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
https://m.facebook.com/groups/382748162071348?view=permalink&id=1153466444999512

ඔහොම දැං  දෙන්නා ලැප්  2 මේසෙට එහෙම අරගෙන ලෑස්ති උනා ගේම් ගහන්ඩ කියල..."මේ ...සුපුනා cod  ගහනවද pubg ගහනවද,,, ,මට චාජරේට ගහන්ඩත් ඕනී ඔඉ ලැප් එක ....කොහෙද ප්ලග්🔌 එක තියෙන්නේ දැං ..................
                                     "  අඩේ උබේ ඇසුත්  පේන්නෙ නැද්ද ඈ බං , plug එක ඔය උබ ඉන්න තැනට දකුනු අත පැත්තෙ පුටුවට යටිම් තියෙන්නේ .......pubg  දෙපාරක් 3 පාරක් ගහලා ඇති උනාම , cod ගහමු" තරිදුට....  සුපුන් එහෙම කිව්වා.....දෙන්නා දැං ගේම් ගහනවා වෙලාව ගැන ගානක් නෑ....වෙලාව කෙමෙන් කෙමන්  1⏩2⏩3 විතර ලංවෙලා.. දෙන්නට දැං නිදිමත හැදීගෙන වගේ එනකොට පොඩ්ඩක් වෙලාව බලනවා ....."  යකෝ 3 ත් වෙලා...එච්චර වෙලාව ගියාද බං ...පාඩම් කරද්දි තමා ඔහොම වෙලාව යන් නැත්තේ ඈ..."සුපුනා තරිදු දිහා බලන් එහෙම කිව්වම තරිදුවත්  "ඒකතාවනම් සිරා ඇත්ත ආ බං මාත් කියන්ඩ ගියේ ඕකම ....."
                                              "මේ සුපුනො නිදාගමුද....... මට නිදි මතයි ඈ,මොකෝ කියන්නේ උබ ,,උබට නිදිමත නැද්ද....ඈ යකෝ ???..."
                                                        " මටත් නිදිමතයි යකෝ ,අය මං කියලා මොකද😒......."........ දෙන්නම දැං හොදට නිදාගන්නවා ........
                                  ..පාන්දර 5 විතර "දඩා............ස්....ගාලා එක පාරටම ලොකු ..සද්දයක් එනවා.......සුපුනා ඇදපල්ලේ වැටිලා😂😂😂😂..තරිදුවා හීනයක් දැකලා ඒකෙ එකෙක්ට අල්ලන්  ගහනවා....මූ ඇත්තටම ඇදේ ඉදන් අත පය විසික්කනවා.....එහෙම පයිම් පාරක් ඇවිත් වැදිලා තමා සුපුන් ඇද පල්ලේ වැටුනේ...😇😇,  සුපුන්ට බිමට වැටුනා කියලවත් ගානක් නෑ ඌ බිම නිදි හොදට ...........ඔහොම සීට් එක පොරවගෙන ඇද අස්සට පෙරලෙනවා  සුපුන්  ............උදේම,
                                          " චූටි නැගිටින්න , ස්කෝලේ යන්න ලෑස්ති වෙන්න ...අම්මා කුස්සියේ ඉදන් සකුනිට කතා කරා..." හරි අම්මේ මං නැගිට්ටා... ඔහොම කියාගෙන සකුනි යනවා කුස්සිය පැත්තට ඇස් 2 ත් පොඩි කර කර...." අම්මේ කිරි එකක් ඕනී..."
               "වතුර පැහෙන ගමන් දරුවෝ, ගිහිම් අයියලා දෙන්නට ඇහැරවලා එන්නකෝ මං කිරි හදලා දෙනකම්" අම්මා සකුනිව යැව්වා අයියලාට ඇහැරවන්ඩ කියලා හිතලා...
                                                        සකුනි අයියලා ඉන්න කාමරේ දොර ඇරන් ඇතුලට ගියා...."අ...ම්..මේ.........ඉක්මනට එන්ඩෝ , ..අම්මේ......."සකුනි  කෑගහගෙන අම්මට කතාකරා....
  "පුතේ මං උබට කියලා තියෙනවා බොරුවට කෑගහන්ඩ එපා කියලා..දැං මොකද උනේ කෑගහන්ඩ තරම්..." අම්මා කාමරේට එන ගමන් සකුනිගෙන් ඇහුවා......
                                             "අම්මේ අපේ අයියා ඇදේ නෑ....., තරිදු අයියා විතරයි ඉන්නේ ඇදේ..."සකුනි ඇද දිහා පෙන්නමින් අම්මට කිව්වා...." හැබෑනේන්නම්  චූටි ,කොයි අයියා එතකොට...".. සකුනි එක පාරටම දකිනවා ඇදයටින් කකුලක්....සකුනි බඩ අල්ලන් හිනාවෙනවා දැං 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
  අම්මේ අර....අයියා ඇද අස්සේ😁😁😁 සකුනිට හිනාව නතර කර ගන්ඩ බැරුව යනවා....ඒ  අස්සේ අම්මටත් හිනා..."අඩේ ඇද උඩ හිටපු කොල්ලා ඇද යටට ගියේ කොයි වෙලේද ..මං 4 නැගිටලා බලද්දිත් හිටියනේ ඇදේ....
            සකුනි ඇද ලගට ගිහිම් සුපුන්ගේ කකුල කිචිකවනවා....." නැගිටිනවා මෝඩයෝ   , ඇති බිම නිදා ගත්තා...කෝ කෝ නැගිටිනවා කම්මැලියෝ දෙන්නම.,..." ...එතකොටම ......." මං කියලා තියෙනවා  පොඩ්ඩි ඔයාට කිචිකවන්න එපා කියලා, ඉන්නවා මං අල්ල ගන්නම් කියලා ඇදේ ඉන්නේ කියලා හිතාගෙනම නැගිට්ටා එකපාරට.......
                          " ද....ඩා......ස්"  අම්මත් එක පාරට දුවගෙන ආවා කාමරේට මොකක්ද ඒ සද්දේ කියාගෙන .... ඒකනම් හොදට වැදුනා සැරටම හොදවැඩේ මෝඩයට ඇදවල් අස්සේ රිංගනවට එහෙම කියාගෙන   සකුනි අම්මා ලගට ගියා......දැං අයියාගෙන් ගුටි කන්න වෙනවා කියලා දැනගෙනම...
                         සුපුන් එක පාරටම ගැස්සිලා ඇහැරිලා ඇස් 2 ලාවට ඇරලා බලද්දිම ඔක්කොම කලුවරයි , පොර තාම නිදිකලන්තේ ඉන්නේ....කව්ද මගේ ඔලුවට ගැහැවෙ කියාගෙන ඇස්  දෙක ඇරලා බලද්දි ඇදයට.......මං කොහොමද ඇදයටට ගියේ....ඇද යට ඉදන්  සුපුන් නැගිටිනවා අම්මයි නංගියි දෙන්නම හිනා වෙවී බලන් ඉන්නවා......දෙන්නා එක්කම එන්ඩ පුතේ කුස්සියට කියාගෙන අම්මා ගියා කුස්සියට.. නංගි මගෙ    ලගට ඇවිත් "මේ  ඔලුවෙත් එක්ක මකුලුදැල් 😂 හිනාවෙවී කියනවා...කෝ ඔලුව කොහෙද වැදුනේ ගොඩක් රිදෙනවද අයියේ  sorry  හොදේ ඒකටනම් .." නංගි මට කියනවා ඔලුව අතගාමින්......
                        හරි  හරි ඉන්නවා ඕවට පස්සේ අල්ලගන්නම්  ,දැං ගිහිම් ලෑස්ති වෙනවා ස්කෝලේ යන්න ..අර 7 කිට්ටුයි ..වෙලාව බලමින් සකුනිව ලෑස්ති වෙන්න යැව්වා...
                                             "අඩේ තරිදුවා නැගිටපම්" , සුපුන් පිටට තට්ටු කරමින්
තරිදුව ඇහැරවව්වා..... දැං 7 වෙලාව නැගිටපම්...යමං කිරි එකක් බොන්ඩ.."ආ උබ යමං මං එන්නම " සුපුන්ට තරිදු එන්නම් කියලා අයෙම නිදාගත්තා....
                       " උබ වරෙම් එහෙනම් මං යනවා කුස්සියට " ..එහෙම  කියලා
...................සුපුන් කුස්සියට ගියා
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
.................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
                ✔ like කරන්ඩ
                ️✔️ Comment කරන්ඩ
                ✔️ share  කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1  විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම  කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
         👔🎓  ✌️💪 👉     සුදේශ් මදුවන්‍ත
                     

No comments:

Post a Comment